XIV

අපි ආපහු කෑම කාපු තැනට එනකොට අයන්තියි මහීලුයි පේන්න හිටියේ නෑ.

“සමහර විට පල්ලෙහාට යන්න ඇති….අපි යමුද පල්ලෙහාට. “වෙනුර ඇහුවා…

“සමහර විට එයලත් අපි කරපු දේ කරනවා ඇති.ඒක නිසා මැට්ටො… අපි මෙහෙන් ඉමු..” මම හෙවන තියෙන තැනකින් ඉඳගත්තා. වෙනුරත් ඇවිල්ලා මගේ ලඟින් ඇල උනා. ඔලුව මගේ ඔඩොක්කුවේ තියාගෙන ඇස් පියා ගත්තා.

ඈතින් අයන්තිගේ කටේ සද්දේ ඇහෙන්න ගන්නකොට..වෙනුරට නින්දත් ගිහිල්ලා. මහිල් ආපු ගමන් වෙනුරවත් ඇදගෙන වතුරට බැස්සා. අයන්ති මගේ ලඟින් ඉඳ ගත්තා.. දාඩිය දාල මූණ රතු වෙලා..

“මොකෝ මේ…..” මම අයන්තිව කෙනිත්තුවා..

“අපි නියම ෆන් එකක් ගත්තා කැලේ මැද්දේ…හම්මෝ..හොඳ පණ ගියා..”

“අපිත් නිකම් හිටියේ නෑ ඉතින්….” මමත් අගේ කලා.

“ඔව් ඔව්..වෙනුරයා හතර ගාතේ දාල ඉන්න හැටි දැක්කහම මට හිතුනා…. අනේ මගේ අසරණ lingerie සෙට් එක.. “

අපි දෙන්නගේ කිචි බිචියට මහිල් හැරිලා බැලුවා…”එන්නෙ නැද්ද නාන්න…?” අපේ දිහාට වතුර පාරක් විසි කලා

“සීතලයි.. නාන්න ඇඳුමක්වත් ගෙනාවේ නෑනේ…” මම කම්මැලි කලා..

“ඒක නෙවෙයි..මහීල් උඹ ගැන මගෙන් විස්තර ඇහුවා…” අයන්ති කිව්වේ රහසින්

“මම ගැන මොකටද එයාට….” මගේ පපුව ගිගි ගිගි ගෑවත් මම කිව්වෙ වැඩි උනන්දුවක් පෙන්නන්නේ නැතුව..

“ඒක ඉති එයාගෙන්ම අහගනින්..” අයන්ති ඇස් නැටෙව්වා

මට ඒකට උත්තර දෙන්න හම්බ උනේ නෑ වතුරෙන් ගොඩට ආපු වෙනුරයි මහිලුයි අපේ පැත්තට දුවගෙන එනවා මම ඇස් කොණින් දැක්කා. එන්නේ හොඳකට නෙවෙයි කියලා මට තේරුනා..

“ඔන්න අයා…දුවන්න….” මම නැගිටලා දුවන්න හැදුවා..අඩි 3-4 වැඩිය යන්න කලින් මාව මහිල්ගේ අත් දෙකට අහු උනා. මාව බබක් වගේ උස්සලා ගත්ත මහිල්, ජබොස් ගාලා වතුරට අත ඇරියා.

අයන්තිට නැගිට ගන්නවත් හම්බ උනේ නෑ..වෙනුර එයාවත් ඇදගෙන ඇවිල්ලා වතුරට තල්ලු කලා..

අපි දෙන්න තෙමිච්ච කිකිලියො දෙන්නෙක් වගේ තරහෙන් පුපුරන්න ගත්තා..අර දෙන්න බක බක ගගා හිනා වෙනවා..

“මෝඩයෝ….දැන් කොහොමද යන්නේ….ඇඳුම් ඔක්කොම තෙමිලා….”මම කෑගහුවා..

“දෙන්නම් ඕකට..” කියාගෙන අයන්ති වෙනුරට වතුර ගහන්න ගත්තා…

මම සීතලේ ගැහුනා..වතුර යටින් ආපු මහිල් මගේ ලඟින් මතු උනා..”සීතලයි ද?..”

මම ඔරවලා අහක බලා ගත්තා….

“වතුරේ ගිලෙන්න….ටිකක් වෙලා යනකොට සීතල යනවා….”මහිල් හිනා උනා…

“කතා කරන්න එපා මගෙත් එක්ක…මම තරහයි….දැන් කොහොමද ආපහු යන්නේ..මේ තෙමිච්ච ඇඳුම් එක්ක….” මට ඇත්තටම කේන්තියි…

“ඇඳුම් ගලවලා අර ගලක් උඩින් වේලෙන්න දාන්න..නාල ඉවර වෙනකොට වේලිලා තියෙයි…”

“හා ඒ ටික කරගන්නද ඔය ප්ලෑන් එක ගැහුවේ…?” මම රැව්වා.

මහිල් හිනා උනා….”කෝ ඕව ගලවලා දෙන්න..මම අරහෙන් වේලෙන්න දාන්නම්…”

මොනව කරන්නද ඉතින්…මම වතුරෙන් පෙඟිලා තිබ්බ ෂර්ට් එක ගලවලා මහිල්ට දීලා වතුරේ ගිලුනා… මහිල් ඒක අතේ තියගෙන බලාගෙන ඉන්නවා…”ෂොර්ට් එක ?..”

“නෑ…ඒක ගලවන්න ඕනේ නෑ….මට ඒක පිටින් යන්න පුළුවන්…..” මම බුරුලක් පෙන්නුවෙ නෑ..

“ඕකේ… කැමැත්තක්..” මහිල් ගිහිල්ල මගේ ෂර්ට් එක ගලක් උඩ වැනුවා.

අයන්තියි වෙනුරගේ පස්සෙන් එලව එලව වතුර ගහනවා…මම වතුර යට ගිලිලා ටික වෙලාවක් හිටිය..සීතල අඩු උනා…සනීපයි..වතුර වීදුරු වගේ පැහැදිලියි..

මහිල් මගේ පැත්තට ආවා.. මම ඇඳගෙන හිටපු අයන්තිගේ බ්‍රා එක දැකලා කට කොනට හිනාවක් ආවා. මම අනිත් පැත්ත හැරුනා. මහිල්ගේ ඇදෙන කට හඬ මගෙ කණ පිටිපස්සේ තැවරෙන්න ගත්තා. මහිල්ගේ හැම දේකටම වැඩිය මාව ඇවිස්සුවේ ඒ කටහඬ..

“You owe me one.. උදේ හොරෙන් පැනලා ආවට..මම වෙලාවක ඔයාව අල්ල ගන්නවා…” මම හැරිලා බැලුවා..මහිල්ගෙ බැල්මට මාව දිය වෙන්න ගත්තා

“මෝඩයා…හරි නරකයි…මට රිදුනා හොඳටම….” මම මහිල්ගෙ මූණට වතුර පාරක් ගැහුවා.. වතුර යටින් ආපු මහිල්ගේ අත් මාව අල්ල ගන්න හැදුවා…මම බේරිලා..වතුර යටින් පීනගෙන අයන්තිලා හිටපු පැත්තට ගියා. මහීලුත් මගේ පිටිපස්සෙන්ම ආවා..මම අයන්ති ලඟින් මතුවෙලා අයන්තිව බදා ගත්තා..මහීලුත් එතනින්ම මතු උනා…

“මේ මොකද….අල්ලන සෙල්ලම් කරනවද..?” අයන්ති කෑගැහුවා..

“මේ..මෙයාට වෙනුරගේ ලෙඩේ බෝවෙලා..”මම මහීලට දිව දික් කලා.

“ඕක ඉතින් හැදුනේ නැත්තම් තමයි පුදුමේ…” අයන්ති මගේ දිහා බලලා කට ඇද කලා..

“ඔයගේ ඇඳුනුත් ගලවලා දෙන්න වේලෙන්න දාන්න..” මහීල් අයන්තිගෙන් ඉල්ලුවා…

අයන්තිත් බැන බැන ඇඳුම් ටික ගලවලා දුන්නා වේලෙන්න දාන්න. ටික වෙලාවක් වතුරේ ඉන්නකොට සීතල නැතුව ගියා..අපි හතරදෙනා සෑහෙන වෙලාවක් වතුරේ සෙල්ලම් කරල ගොඩට ආවේ හොඳටම බඩගිනි වෙලා, හෙම්බත් වෙලා.

හොටෙල් එකට ආපු ගමන් ඇඳුම් මාරු කරගෙන අපි දිව්වේ කෑම කන්න. බඩ පැලෙන්න කෑවා.

“අම්මෝ…මට නම් දැන් හොඳ නින්දක් දාන්න ඕනේ..” මම වෙනුරගේ උරහිසට ඔලුව තියා ගත්ත..

වෙනුර මගේ ඔලුව අත ගෑවා…”යන්න එහෙනම් ගිහිල්ලා නිදා ගන්න… “

“අනේ ඔයා එන්නේ නැද්ද..?”

“මට නිදිමත නෑ බබා…මම ටිකක් ඇවිදලා එන්නම්…”

“මම දන්නවා ඔය යන්නේ…ආයෙ මාළු අල්ලන්න නේ…”මම රැව්වා…

“වෙනුරට වැඩේ අල්ලලා ගිහිල්ලා….” මහීල් හිනා උනා…”ඔක් මචං එහෙනම් ගුඩ් ලක්..අපි යනවා ටිකක් රෙස්ට් කරන්න..”

“අනේ දෙවියනේ..මේ පව් කාරයට එක මාළුවෙක්වත් අහුවෙන්න දෙන්න එපා…..” මම දෙවියන්ට කිව්ව…

මම අයන්තිලත් එක්ක රූම් එකට ගියා..මගක් දුරට ගිහිල්ලා අයන්ති ආපහු හැරුනා….”මගේ ෆෝන් එක මේසේ උඩ..මම අරගෙන එන්නම්..” කියලා අපහු දිව්වා.. මහීලුයි මායි තනි උනා..මහීල් කතා කලේ නෑ..

මම ඔලුව උස්සලා මහීල් දිහා බැලුවා.. මහීල් එකපාරටම බාව බිත්තියට තියලා තද කරගත්තා…මහීල්ගේ යකඩ අත්වලට මාව හෙලවෙන්න බැරි වෙන්න තද උනා.. මහීල්ගේ ගිනි ගන්න ඇස් මගේ ඇස් අල්ල ගත්තා..මෝහනයකට අහුවේලා වගේ..මට ඒ ඇස් දෙකෙන් මගේ ඇස් ගලවගන්න බැරිඋනා. මහීල්ගේ තොල් මගේ තොල්වලට තද වෙලා ඇතිල්ලෙන්න ගත්තා..මහීල්ගේ දිව මගේ තොල් මැද්දේන් ඇතුලට ඇදිලා මගේ දිවේ පැටලුනා….අපේ ඇස් එකට ගල් වෙලා..තොලුත් දිවත් පිස්සුවෙන් වගේ වෙලි වෙලී පැටළුනා….ආපහු එන අයන්තිගේ අඩි සද්දේ ටිකින් ටික අපි ලඟට ආවත් අන්තිම මොහොත වෙනකම් මහීල් මාව අත ඇරියේ නෑ. මම අයන්තිගේ මූණ බැලුවේ නෑ..එහෙම්මම ගිහිල්ල කාමරේට වැදිලා දොර වහ ගත්තා.. ඇඳේ පෙරලිලා කොට්ටයක් බදා ගත්තා…මහීල්ගේ තොල් වලට අහුවෙච්ච මගේ තොල්..යන්තමට පුපුරු ගැහුවා. වැඩි වෙලා යන්න කලින්ම මාව නින්දට වැටුනා.

මට ඇහැරුනේ වෙනුර කාමරේට එන සද්දේට..එතකොට කරුවල වැටෙන්නත් ඇවිල්ලා.. තවත් ටික වෙලාවක් ඇදේ පෙරලි පෙරලි ඉඳලයි මම නැගිට්ටේ. වෙනුරගේ මුණ මැලවිලා, අව්වට පිච්ච්ලා හොඳටම මහන්සි පාටයි…

“ඔයාට සනීප නැද්ද ?”

“නෑ බබා..අව්වේ හිටියනේ..ඒකයි..”

“ඒකනේ මම කිව්වේ ටිකක් රෙස්ට් කරන්න කියල.. මෙලෝ සිහියක් නෑ….කෙහෙල්මල් මාළුවෙක් පස්සෙ දුවනවා.. යන්න වොශ් එකක් දාගෙන එන්න….”

මම බෑග් එක අවුස්සලා පැරසිටමෝල් පෙති දෙකක් හොයාගෙන බලන්ම වෙනුරට පෙව්වා.

අපි බැල්කනි එකට එනකොට මහීලුයි අයන්තියි කලින් දවසේ වගේ ඔක්කොම ලෑස්ති කරලා..

රස සුප් එකක් තිබ්බ..එකත් බීලා..අපි වල්පල් කතා කර කර කාලෙ මැරුවා.

“අනේ සිංදු කියමු….” මම කිව්වා..

“ඒක කම්මැලියි…කෝ මේ ගායකයා ඈනුම් අරිනවනේ….මටත් නිදිමත හැදෙනවා….”

“අනේ ඉතින් නිදා ගන්නද යන්නේ….?” මම නහයෙන් ඇඬුවා..

“නෑ අපි වෙන මොනවා හරි කරමු…”

“කාඩ් ගහමුද ? මගේ ලඟ කාඩ් පැක් එකක් තියෙනවා….” වෙනුර කිව්වා….

“අනේ…මට බෑ…මම දන්නේ නෑ..” මමයි අයන්තියි දෙන්නම ඒකට කැමති උනේ නෑ..

මහීල් ටික වෙලාවක් කල්පනා කලා. “මචං කාඩ් පැක් එක අරන් වරෙන්…මම කියලා දෙන්නම් සෙල්ලමක්…”.

“ඔය නම් එන්න හදන්නේ වෙන පොටකට…මම දන්නවා ඔයාගේ සෙල්ලම….” අයන්ති මහීල්ව කෙනිත්තුවා..

“ඔව් ඔයා දන්නවා….අපි මේක කලින් කරලා තියෙනවා….” මහීල් අයන්තිට දිහා බලලා ඇහැක් පුංචි කලා.

“අනේ ..මොකක්ද අයා….?” මම ඇහුවා…

“බලන්නකෝ…ඔයාටම හරියන සෙල්ලම..” අයන්ති හිනා උනා.

වෙනුර කාඩ් පැක් එක අරගෙන ආවා.

මහීල් ගේම් එක ගැන කියන්න ගත්තා….”මෙහෙමයි…බූරුවා ගහන්න දන්නවද ?”

මම ඔලුව වැනුවා…”මම දන්නේ ඒක විතරයි..”

“හරි අපි දැන් බූරුවා ගහන්න යන්නේ..හැබැයි සල්ලි ඔට්ටුවට නෙවෙයි..ඇඳුම් වලට…”

මට හිනා ගියා…දැනුයි මට තෙරුනේ මහීල් ගේ ගේම් එක…”ස්ට්‍රිප් පෝකර් වගේ ද “?

“ඔය දන්නේ උඹටත් වැඩිය” වෙනුර හිනා උනා..

“ඔයා කොහොම හරි කැරකිලා එතෙන්ටමයි එන්නෙ නේ….” මම මහිල්ට පයින් ඇන්නා..

මහීල් හිනා උනා…”එහෙම තමයි කිව්වොත් කරනවා….”

“හරි ඔක්කොමලා කැමතිද ?” මොකට අකමැති වෙන්නද ඉතින්, මම සද්ද නැතුව හිටියා…

වෙනුර කට ඇරිය…”දැන් මචං උඹ මට පැරදුනොත්..මම උඹේ ඇඳුම් ගන්නම ඕනෙද ?..මට එපා කියන්න බැරිද ?..” වෙනුර ඒක අහපු හැටියට ඔක්කොටෝම හිනා.

“අපෝ එතකොට කිසි ගතියක් නෑනේ…” ඒ අයන්ති.

“අපි ඉතින් රූල්ස් වෙනස් කරගමු…තමන්ට ඕනේ නැත්නම් ස්කිප් කරමු.” මහිල් කිව්වා.

“දිනන කෙනාට පුලුවන් පැරදුනු කෙනාගෙන් එක ඇඳුමක් ඉල්ල ගන්න. හැබැයි ඕනෙ නැත්නම් නිකම් ඉන්න පුලුවන්. හරිනේ එහෙනම් ….”

“අයියෝ මේ ඇඳුම් පිටින් ද පටන් ගන්න යන්නේ..දෙපාරක් පරදිනකොට අවුට් නේ..” අයන්ති කිව්වා…”අපි ඇඳුම් ගොඩක් ඇඳගෙන එමු..එතකොට ගොඩක් වෙලා ප්ලේ කරන්න පුලුවන්නේ…”

“හරි එහෙනම් විනඩි 5ක් දෙනවා… හැබැයි එකජතියේ ඇඳුම් 2ක් අඳින්න බෑ..ඒ කියන්නේ කලිසම් 2ක් අඳින්න බෑ…..”

අපි කාමර වලට දිව්වේ පොඩි එවුන් වගේ…සෙල්ලමට ඔක්කොමට එක්සයිට් වෙලා හිටියේ.

පුරුදු විදිහටම මට ඇඳුම් තෝරන්න වෙනුර ලෑස්ති උනා.

“නෑ…නෑ….ඔයා දැන් දැක්කහම වැඩක් නෑනේ….ඒක සප්‍රයිස්..” කියගෙන මම ඇඳුම් බෑග් එකත් අරගෙන බාත් රූම් එකට වැදුනා.

මම තොරගත්තේ වෙනුරටත් හොරෙන් අරන් තියගෙන හිටපු අලුත්ම lingeris සෙට් එකක්. ඒක ඇඳලා, උඩින් ටයිට් ස්කින් ජීන්ස් එකකුයි, ස්කිනි බල්ව්ස් එකක් ඇඳලා, ජැකට් එකක් දා ගත්තා. ඔක්කොම කලු පාටින්.

මම එලියට එනකොට වෙනුරත් ලෑස්ති වෙලා. ජීන්ස් එකකුයි, ලස්සන ෂර්ට් එකකුයි ඇඳලා. මාව දැක්ක ගමන් වෙනුර කුලප්පු උනා.

“වාව්…..මේවා කොහෙද හංගලා තිබ්බේ..” වෙනුර මගේ අතින් ඇදලා ලඟට ගත්තා..

“ලස්සනයි ද?” මම වෙනුරට තුරුල් උනා…

“හ්ම්…මට දැන්මම මේවා ගලවන්න හිතෙනවා…..” වෙනුරගේ ඇඟිලි මගේ ඇඟ දිගේ දුවන්න ගත්තා. මම වෙනුරගේ තොල් මගේ කට ඇතුලට ඇදලා ගත්තා.

“අද ඔයාට හොඳයි නේ….අයන්තිගේ…ඇඳුම් ගලව ගන්න චාන්ස් එකක් එනවා නේ…” මම වෙනුරට විහිලු කලා…

“මට විතරද..ඇයි ඔයාටත් පුලුවන්නේ මහීල්ගේ ඒවා ගන්න…”වෙනුර හිනා උනා…”මම දැක්ක…දවල් නාන වෙලාවේ…දෙන්නගේ කොමලේ….”

“ඉතින් ඔයාට ජෙලස් ද..? “මම වෙනුරගේ යටි තොල හෙමීට හැපුවා…

“හ්ම්…ටිකක් විතර….”

අයන්ති බැල්කනි එකේ ඉඳලා කෑගහුවා…”එන්නේ නැද්ද අද ?..”

අයන්තිත් ලස්සනට ඇඳලා.. රතුපාට විනයිල් ශොර්ට් ස්කර්ට් එකක් ඇඳලා, කලු ස්ටොකින්ස් දාලා, කලු ලෙදර් ජැකට් එකක් දාලා. කට්ටියම නිකම් පාර්ටි එකකට යන්න වගේ. මහිල්ව දැක්කහම අපිට හිනාව නවත්ත ගන්න බෑ. දිග කලිසමකුයි අත්දිග ෂර්ට් එකකුයි ඇඳලා. මේස් දාලා, සපත්තු දාලා, කැප් එකක් දාලා… කපටි කමට, තව සන්ග්ලාසුත් දාගෙන.

කට්ටියම කෑ ගැහුව නිසා, මහීල්ට සපත්තුයි අනිත් ලටපටයි අයින් කරන්න උනා. කට්ටියම අයන්තිලගේ රූම් එක බිම රවුමට ඉඳගෙන ගේම් එකට ලැස්ස්ති උනා. මම, වෙනුර, අයන්ති, මහීල්. කාමරේට ආපු වෙලාවේ ඉඳලම මහීල්ගේ ඇස් මගේ ඇඟේ දැවටෙනවා මට දැනුනා.

“හරි එහෙනම් පටන් ගමුද ?..ඔක්කොමල රූල්ස් දන්නවනේ..ඔන්න මගදි නෑ…බෑ කියන්න බෑ..දිනන කෙනා ඉල්ලන ඇඳුම දෙන්න ඕනේ..” ඒ මහීල්…

“හරි හැබයි ඉල්ලන්න පුලුවන් ඇඳුම් විතරයි…වෙන් වෙන ඒවා බෑ….” අයන්ති එකතු කලා..

“ඒක ඉතින් දිනන කෙනාගෙයි පරදින කෙනාගෙයි ඩීල් එකක්…වෙන ඒවත් ඉල්ලන්න පුලුවන්…හැබයි දෙන නොදෙන එක එයාගේ කැමැත්ත… උඹ පටන් ගනින් මචං..” මහීල් වෙනුරට කාර්ඩ් පැක් එක දුන්නා..

වෙනුර..කාර්ඩ් පැක් එකත් අරගෙන අයන්තිගේ පැත්තට හැරුනා..”ඕකේ මැඩම්…කියන්න බලන්න කොලයක්..”

“හාර්ට්ස් ටෙන්..” අයන්ති මොහොතක් හිතලා කිව්වා.

“ඕකේ…..ඔන්න එහෙනම් ඔය ජැකට් එක මට දෙන්න ලෑස්ති වෙන්න…”

“හා බලමුකෝ…..කාගෙ ඒවද ගැලවෙන්නේ කියලා..”

වෙනුර දෙපැත්තට කාර්ඩ්ස් බෙදන්න ගත්තා…ඔක්කොමට එබීගෙන බලාගෙන හිටියා කාගේ පැත්තටද හාර්ට්ස් ටෙන් වැටෙන්නේ කියලා….

වෙනුර පැරදුනා…”යෙස්…” කියගෙන අයන්ති උඩ පැන්නා..”ගලවන්න මල්ලි ඔය ජර්සි එක..”

වෙනුර මූණ ඇඹුල් කරගෙන නැගිට්ටා..ඔක්කොමල හිනා වෙනවා.. “ගලවන්න….ගලවන්න….”

වෙනුර ජර්සි එක ගලවන්න ගිහිල්ල..නැවතුනා….අයන්ති දිහා බැලුවා. “මේක ඔයාම ගලවගන්න…ඔයානේ දිනුම්..”

“ඔව් ඒක හොඳයි….දිනන කෙනාටම ගලව ගන්න දෙන එක…” මහීලුත් ඒකට පොහොර දැම්මා…මේක දැන් එන්න එන්නම බයානක වෙනව…මම අයන්ති දිහා බැලුවා..අයන්ති ඇස් කරකවලා හිනා උනා…වෙනුර ලඟට ගියා..වෙනුරගේ අත් දෙක උඩට ඉස්සුවා. ඊට පස්සේ හෙමින් හෙමින් ජර්සි එක උඩට උස්සලා ඔලුවෙනුයි අත් දෙකෙනුයි පන්න ගත්තා. දිනපු ජර්සි එකත් අරගෙන ඇවිල්ල ආපහු ඉඳ ගත්තා.. මායි මහීලුයි අත්පුඩි ගැහුවා..පලවෙනි වටේ අයන්ති දිනාගත්තා.

“හරි දැන් පැක් එක ඔයාගේ….ඔයයි මමයි….” මහීල් පැක් ඒක අයන්තිට දුන්නා.

“..ස්පේඩ්ස් ජැක්.. ” මහීල් ඉල්ලුවා…

“ඒ ඉල්ලුවේ එයාගේ අයිඩෙන්ටිටි කාර්ඩ් එක..මේක මෙයා දිනනවා..” අයන්ති කිව්වා..

කිව්වා වගේම මහීල් දින්නා. “ම්….ජැකට් එකෙන්ම පටන් ගමු නේ…”. මහීලුයි අයන්තියි නැගිට්ටා. අයන්ති අත් දෙක දෙපැත්තට කරලා හිට ගත්තා.. මහීල් අයන්තිගේ ඉස්සරහින් හිටගේන ජැකට් එකේ සිපර් එක චුට්ට චුට්ට පහලට අදින්න ගත්තා

..ඒක බලාගෙන හිටපු මට මතක් උනේ උදේ වෙනුර මගේ ශෝර්ට් එක ගලවපු විදිහ..

“අත් දෙක පාවිච්චි කරන්නේ නැතුව ඕක ගලවන්න බැරිද..?” හිතන්නත් කලින් මගේ කටින් එලියට පැන්නා..

කට්ටියම මගේ දිහා බැලුවා

..”ඔය තියෙන්නේ අයිඩියාස්….” වෙනුර කෑ ගැහුවා.

මහීල් මගේ දිහා බලා ඔලුව හෙල්ලුවා..”ඔයා කියන්නේ මෙහෙමද ?.:” අත් දෙක පිටි පස්සට කරලා දත් වලින් සිපර් එක අල්ල ගත්තා…”වෙරි ගුඩ් නෙතා….දෙන්නකො තව ඔය වගේ අයිඩියාස්…”

” ඕක නම් දත් ටික කඩා ගන්න වැඩක්…හොඳ වෙලාවට සපත්තු අයින් කලේ….” අයන්ති කිව්වා. ඔක්කොමලා හිනා උනා.

13 thoughts on “සුරඟන සළු – ( XIV කොටස )

ප්‍රතිචාරයක් ලබාදෙන්න